බලන්න

E   |     |  

 දිනය: 2016-02-25   පිළිතුර ලබා දී ඇත 

0342/ 2016 - ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 342/’15

       

      ගරු ජයන්ත සමරවීර මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)           (i)       වර්ෂ 2014 සහ 2015 සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි අලෙවි ප්‍රවර්ධන කාර්ය සඳහා අලෙවි ප්‍රවර්ධන ආයතන වෙතින් මිල ගණන් කැඳවනු ලැබුවේද;

      (ii) එසේ නම්, ඒ සඳහා මිල ගණන් ඉදිරිපත් කරන ලද අලෙවි ප්‍රවර්ධන ආයතන සංඛ්‍යාව, එක් එක් ලොතරැයි මණ්ඩලය සහ ලොතරැයිය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) මිල ගණන් ඉදිරිපත් කරන ලද ආයතනවල නම් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන ලද අලෙවි ප්‍රවර්ධන ආයතන සංඛ්‍යාව, එක් එක් ලොතරැයි මණ්ඩලය සහ ලොතරැයිය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (ii) ලොතරැයි ප්‍රවර්ධන කාර්යය සඳහා තෝරාගන්නා ලද අලෙවි ප්‍රවර්ධන ආයතන සංඛ්‍යාව, එක් එක් ලොතරැයි මණ්ඩලය සහ ලොතරැයිය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) එම ආයතන තෝරාගැනීමේදී සලකා බලනු ලැබූ සුදුසුකම් කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-02-25

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ලොතරැයි අළෙවි ප්‍රවර්ධන ආයතන: විස්තර

පිළිතුරු දුන් දිනය

2016-02-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks