E   |     |  

 දිනය: 2016-04-08   පිළිතුර ලබා දී ඇත 

0417/ 2016 - ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 417/’16

       

      ගරු ප්‍රසන්න රණතුංග මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      2015.01.08 දින සිට 2015.12.31 දින දක්වා රාජ්‍ය සේවකයින්ට, කලාකරුවන්ට සහ ව්‍යාපාරිකයින්ට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) ඉහත (i) හි සඳහන් පරිදි චෝදනාවට ලක් වී ඇති රාජ්‍ය සේවකයින්ගේ, කලාකරුවන්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ නම්, වෙන් වෙන් වශයෙන් සභාගත කරන්නේද;

      (iii) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ‍කොට්ඨාසය විසින් විමර්ශන අරඹා ඇති රාජ්‍ය සේවකයින්, කලාකරුවන් සහ ව්‍යාපාරිකයින් සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) එම විමර්ශනවල ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-04-08

අසන ලද්දේ

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රාජ්‍ය සේවකයන්, කලාකරුවන් සහ ව්‍යාපාරිකයන්ට එරෙහි "FCID" විමර්ශන: ප්‍රගතිය

පිළිතුරු දුන් දිනය

2016-05-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සාගල රත්නායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks