E   |     |  

 දිනය: 2016-04-08   පිළිතුර ලබා දී ඇත 

0422/ 2016 - ගරු විජිත හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 422/’16

       

      ගරු විජිත හේරත් මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2015 ජනාධිපතිවරණයේදී රජයේ සේවකයන්ට ලබාදීමට පොරොන්දු වූ රු.10,000/=ක මුදලින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 5/2015 අනුව රාජ්‍ය, සංස්ථා, මණ්ඩල, පළාත් ආයතන හා රජය සතු සමාගම්වලට ලබාදුන්  රු.8000/=ක මුදල රාජ්‍ය ව්‍යාපෘතිවල කාර්ය මණ්ඩලවලට ලැබී නොමැති බවත්;

      (ii) පෙර වැටුප් වැඩිවීම්වලදී ව්‍යාපෘතිවල සේවකයින්ටද එම වැටුප් වැඩිවීම් ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කළ බවත්;

      එතුමා  දන්නෙහිද?

      (ආ) (i) ඉහත අ (i) අනුව වැටුප් වැඩිවීම ලබා දී මාස 10ක කාලයක් ගතවී ඇතත්, ව්‍යාපෘති කාර්ය මණ්ඩලවලට එය ලබා නොදීමට බලපෑ ‍හේතු කවරේද;

      (ii) එම වැටුප් වැඩිවීම ව්‍යාපෘති සේවකයින්හට ලබාදීම සඳහා දැනට ගෙන ඇති පියවර කවරේද;

      (iii) අදාළ වැටුප් වැඩිවීම රාජ්‍ය ව්‍යාපෘති කාර්ය මණ්ඩල සඳහා කඩිනමින් ලබාදීමට පියවර ගන්නේද;

      (iv) දැනට වසර 02ක කාලයක් පුරා අත්හිටුවා ඇති ව්‍යාපෘතිවලට අදාළව සකස් කොට ඇති යෝජිත කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛය ක්‍රියාත්මක කරනු ලබන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-04-08

අසන ලද්දේ

ගරු විජිත හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks