පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
437/’16
ගරු විජිත හේරත් මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් ඉවත්කර ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතට ගෙන තිබේද;
(ii) එසේ නම්, එමඟින් සේවකයන්ට මෙතෙක් ලබා දුන් රු. 4000/= පැමිණීමේ දීමනාව, වසර අවසාන ප්‍රසාද දීමනාව සහ රු.40,000/= මරණාධාර දීමනාව ආදී දීමනා ගණනාවක් අහිමි වන බව දන්නේද;
(iii) එම දීමනා නව ආයතනය මඟින් සේවකයන් හට ලබා දීමට හෝ වෙනත් ආකාරයකින් ප්‍රතිපූර්ණය කිරීමට එකඟ වන්නේද;
(iv) එසේ නොවේ නම්, සේවකයන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව පිළිගන්නේද;
(v) එම අසාධාරණය වැළැක්වීමට ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් මෙම ආයතනය ඉවත්කළ පසු තනි ආයතනයක් ලෙස පවත්වා ගැනීම වෙනුවට ඩිපෝ 50ක් ලෙස යළි ඇරඹීමට සැලසුමක් සකස්කර තිබේද;
(ii) එසේ නම්, මෙම ඩිපෝ 50ට අලුතින් විදුලිය, ජලය, දුරකථන හා අනිකුත් වියදම් දරමින් ක්‍රියාත්මක කිරීම සඳහා විශාල පිරිවැයක් අවශ්‍යවන බව පිළිගන්නේද;
(iii) එවැනි පිරිවැයක් දැරීම වෙනුවට වෙනත් විකල්පයක් වෙත යොමුවීමට අදහස් කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-05-18
අසන ලද්දේ
ගරු විජිත හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස හා ඉදිකිරීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks