පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0300/'10
ගරු හරින් ප්‍රනාන්දු මහතා,— මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බදුල්ල, රඹුක්පොත හරහා කැන්දගොල්ල දක්වා ඇති මාර්ගයේ මලංගමුව ඔය හරහා ඇති මලංගමුව පාලම 2007 වර්ෂයේ ගංවතුරට හසුවී බිඳි ගිය බවත්;
(ii) 2010 මැයි මස 01 වැනි දින ඇදහැලුණු වර්ෂාවෙන් පාලමේ ඉතිරි කොටසත් කැඩි විශාල අලාභානියක් සිදුවී ඇති බවත්;
(iii) මේ නිසා මලංගමුව, සිරිමල්ගොඩ, කැන්දගොල්ල, හින්නාරංගොල්ල, ඇටඹගහකඳුර, මුතුමාල, කහටරූප්ප ඇතුළු ගම්මාන රාශියක ජීවත්වන දස දහසක් පමණ පදිංචිකරුවන්ගේ ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටීමෙන් ඔවුන් අසීරු තත්ත්වයට පත්ව සිටින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙසේ වර්ෂ 2 1/2 ක කාලයක් ඉක්ම යනතුරුත් එය අලුත්වැඩියා නොකිරීමට හේතු කවරේද;
(ii) නියමිත ප්‍රමිතියට අනුව පාලම ඉදිනොකිරීම නිසා රජයට සිදු වී ඇති පාඩුව ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුගෙන් අයකර ගැනීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-07-08
අසන ලද්දේ
ගරු හරීන් ප්‍රනාන්දු මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks