E   |     |  

 දිනය: 2016-05-18   පිළිතුර ලබා දී ඇත 

0503/ 2016 - ගරු චතුර සංදීප සේනාරත්න මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 503/’16

       

      ගරු චතුර සංදීප සේනාරත්න මහතා,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      රජයේ භාෂා පරිවර්තක සේවයේ විශේෂ පන්තියට උසස් කිරීමේ විභාගය 1999 වසරින් පසු මෙතෙක් පවත්වා නොමැති බවත්;  

                   (ii)      ඒ හේතුකොට ගෙන එකී විශේෂ පන්තියේ තනතුරු මේ වනවිට මුළුමනින්ම පුරප්පාඩු වී ඇති බවත්;

      (iii) වසර 16කට වැඩි කාලයක් පුරා පවතින එකම උසස්වීමේ අවස්ථාවද අහිමි කිරීමෙන් නිලධාරීන්හට බලවත් අසාධාරණයක් සිදුවී ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ‍අංක 06/2006 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයෙන්  2006.01.01 දින සිට එම සේවයේ විශේෂ පන්තිය සේවා තත්ත්වයෙන් පහත හෙළන ලද බවත්;

      (ii) ඒ අනුව, දීපව්‍යාප්ත සේවා මට්ටමේ තිබූ එම පන්තිය 2006 වසරේ සිට කළමණාකරන සහකාර අධි පන්තියටද පහළින් ස්ථානගත කරන ලද බවත්;

      (iii) එම තත්ත්වය නිලධාරීන් සේවය හැරයාමටත්, උග්‍ර නිලධාරී හිඟයක් ඇති කිරීමටත් හේතුවී ඇති බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ඇ) (i) උසස්වීමේ අවස්ථාව අහිමි වූ එම නිලධාරීන්ට ලබාදෙන සහනය කවරේද;

      (ii) නව සේවා ව්‍යවස්ථා කෙටුම්පතෙන් විශේෂ පන්තිය සඳහා 2006 වසරට  පෙර පැවති සේවා තත්ත්වය නැවත ලබාදීමට පියවර ගන්නේද;

      (iii) එසේ නම්, එම ප්‍රතිපාදනයන් වහා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-05-18

අසන ලද්දේ

ගරු චතුර සංදීප සේනාරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks