E   |     |  

 දිනය: 2016-05-03   පිළිතුර ලබා දී ඇත 

0511/ 2016 - ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 511/’16

       

      ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)           (i)      වැලිගම, වෙල්ලක්කා, සමගි මාවතේ පදිංචි ජේ. ජී. ජයන්ත මහතා 2000.07.26 දින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය සඳහා කොන්දොස්තරවරයකු ලෙස එක් වූ බවත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අකුරැස්ස ඩිපෝවට අනුයුක්තව ඔහු සේවය කළ බවත්, තම අසනීප තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යමය හේතු මත 2015.01.01 දින වසර 15ක ‍නොකළැල් සේවා කාලයකින් පසුව ඔහු විශ්‍රාම ගත් බවත්;

      (ii) පසුගිය වර්ෂය පුරාම අදාළ බලධාරීන් වෙත ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළද විශ්‍රාම ලබන විට ඔහුට ගෙවිය යුතු පාරිතෝෂික මුදල මේ දක්වා ගෙවා නොමැති බවත්;‍

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ප්‍රමාදයකින් තොරව, මෙම පාරිතෝෂික මුදල සම්පූර්ණයෙන්ම ගෙවනු ලබන්නේද;

      (ii) එසේ නම්, එම මුදල ගෙවනු ලබන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-05-03

අසන ලද්දේ

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks