E   |     |  

 දිනය: 2016-08-24   පිළිතුර ලබා දී ඇත 

0604/ 2016 - ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු ලකී ජයවර්ධන මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      1980 අංක 27 දරන විලවුන්, උපකරණ හා ඖෂධ පනත යටතේ ශ්‍රී ලංකාවට විලවුන් ආනයනය කිරීමේදී ඒ සඳහා විලවුන්, උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ අනුමතිය ලබා ගත යුතු බව එතුමා පිළිගන්නෙහිද?

      (ආ)        (i)       නමුත්, 2015 දී ස්ථාපිත කරන ලද ඖෂධ නියාමන අධිකාරි පනතින් විලවුන් විෂයය ඉවත් කිරීම මඟින් ශරීරයට අහිතකර විලවුන් වර්ග ආනයනය කිරීමට අවස්ථාව හිමි වී ඇති බවත්;

      (ii) ශරීරයට අහිතකර එම විලවුන් භාවිතා කරන්නන් විවිධ ආසාත්මිකතාවයන්ට ලක්වී මරණයට සහ රෝගී තත්ත්වයට පත් වී  ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ඇ) (i) මෙවැනි සිදුවීම් අවම කිරීම සඳහා, විලවුන් ආනයනය කිරීම නියාමනය කිරීමට විධිමත් ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන්නේද;

       

      (ii) එසේ නම්, එම දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-08-24

අසන ලද්දේ

ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks