පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඉෂාක් රහුමාන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2008 සිට 2015 දක්වා කාලය තුළ පළාත් පාසල්වල වැඩ බැලීමේ පදනම මත පත් කරනු ලැබූ විදුහල්පතිවරුන් 4000ක් පමණ පාසල්වල මූල්‍ය කටයුතු සහ පරිපාලන කටයුතු පිළිබඳව දැනුම හා පුහුණුවීම් ලබාගෙන ඇති බවත්;
(ii) විදුහල්පති සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගය වර්ෂ 2005න් පසුව 3 වන ශ්‍රේණිය සඳහා පමණක් 2015 දී පවත්වා ඇති බවත්;
(iii) එම විභාගයට පෙනී සිටීම සඳහා අවුරුදු 50 ඉක්මවූවන්ට අවස්ථාව ලබා දී නොමැති අතර 3 වන ශ්‍රේණියේ විදුහල්පති තනතුරට වඩා ඉහළ වැටුප් තලයක සිටි ගුරුවරුන් බොහෝ දෙනෙකු ඉදිරිපත්ව නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව, අවුරුදු 03කට වඩා කාලසීමාවක් එම පදනම මත සේවය කළ අය සම්මුඛ පරීක්ෂණ මඟින් පත්කළ යුතු වුවත්, මේ වනතුරු රජයේ පාසල්වල වැඩ බලන විදුහල්පතිවරුන්ගේ සේවය ස්ථිර නොකිරීමට හේතුව කවරේද;
(ii) තරඟ විභාගයට හෝ පෙනී සිටීමට අවස්ථාව නොලද අවුරුදු 50 ඉක්මවූ වැඩ බලන විදුහල්පතිවරුන්ගේ සේවය ස්ථිර කිරීමට පියවර ගන්නේද;
(iii) පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් සඳහා සහන සලසන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-08-11
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks