පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2014 වර්ෂයේ ගඟ ඉහළ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ, ගිරාඋල්ල වසමේ ගොවි නියාමක වශයෙන් කටයුතු කරන උපාලි කුමාර කිත්සිරි යන අය වංචනික ලෙස රජයේ මුදල් යොදා ගනිමින් තම පෞද්ගලික නිවසට යන මාර්ගය සකස් කර ඇති බවත්;
(ii) එම මාර්ගය ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවට අයත් නොවන බවත්;
(iii) අනවසරයෙන් හා බලහත්කාරයෙන් ගිරාඋල්ල විහාරයට අයත් කුඹුරු ඉඩම ද පුරවා සකස් කරන ලද බවත්;
(iv) ඉහත මාර්ගය සකස් කිරීම සඳහා රජයේ මුදල් ගෙවා ඇති බවත්;
(v) පුද්ගලික මාර්ගයකට රජයේ මුදල් ගෙවීම හා අනවසරයෙන් කුඹුරු ගොඩකිරීම සඳහා දේශපාලන බලය උපයෝගී කරගත් බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-08-12
අසන ලද්දේ
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks