පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික පාසල් 150ට අධික සංඛ්‍යාවක් නිසි ලෙස පත් කරන ලද විදුහල්පති වරුන් නොමැතිව ක්‍රියාත්මක වෙමින් පවතින බව හා එම පාසල්වල පරිපාලනය දරුණු ලෙස අවහිර වී තිබෙන බවත්;
(ii) මෙම ජාතික පාසල්වල විදුහල්පතිවරුන් ලෙස පත්කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සුදුසු ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවා ඇති බවත්;
(iii) 2015 වර්ෂය අවසානයේදී අමාත්‍යාංශය මෙම කාර්යය සඳහා විභාගයක් පවත්වා ඇති බවත්;
(iv) විභාගයේ ප්‍රතිඵල මත 2016 මාර්තු මසදී අමාත්‍යාංශය සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති බවත්;
(v) මෙම පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය විසින් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) විදුහල්පතිවරුන් පත් කිරීම ප්‍රමාද වීම සඳහා හේතු කවරේද;
(ii) අපේක්ෂකයන් විසින් ලබා ගන්නා ලද ලකුණු මත පදනම් වෙමින් එම පුරප්පාඩු පිරවීමට අවශ්‍ය පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-09-07
අසන ලද්දේ
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks