E   |     |  

 දිනය: 2016-09-08   පිළිතුර ලබා දී ඇත 

0814/ 2016 - ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පාලනය නොකරනු ලබන කැළෑ 2001 වර්ෂයට පෙර ප්‍රාදේශීය ලේකම් / සහකාර ආණ්ඩුවේ ඒජන්ත / ප්‍රාදේශීය ආදායම් නිලධාරි යටතේ පාලනය වූ බවත්;

      (ii) අංක 05/2001 චක්‍රලේඛය යටතේ මෙම සියලුම ඉඩම් වන සංරක්ෂක වෙත පැවරූ බවත්;

      (iii) රජයේ කඩිනම් අවශ්‍යතාවයන් සඳහා අත්‍යාවශ්‍ය ඉඩම් අංක 05/2001 චක්‍රලේඛයෙන් නිදහස් කිරීම සඳහා අංක 02/2006 යටතේ චක්‍රලේඛයක් නිකුත් වූ බවත්;

      (iv) රජයේ සංවර්ධන අවශ්‍යතා සඳහා ඉඩම් නිදහස් කිරීම, දිසාපතිවරයා දිස්ත්‍රික් ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද කමිටුවක් මඟින් සිදු කිරීම සඳහා අංක 02/2006 චක්‍රලේඛ‍යෙහි විධිවිධාන සලසා ඇති බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ආ) අංක 05/2001 සහ අංක 02/2006 චක්‍රලේඛ සභාගත කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-09-08

අසන ලද්දේ

ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks