පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ප්‍රසන්න රණවීර මහතා,— කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) තත්ත්වයෙන් ඉහළ ගුණාත්මක භාණ්ඩ ලබාගත හැකි දීපව්‍යාප්ත අළෙවි ජාලයක් සහිත රාජ්‍ය ආයතනයක් ලෙස සමූපකාරය ක්‍රියාත්මක වන බවත්;
(ii) ආපදා අවස්ථාවලදී මහජනතාව වෙත සහනාධාර ලබාදීම සඳහා සමූපකාරය ප්‍රධානතම ආයතනයක් ලෙස භාවිතා කරනු ලබන බවත්;
එතුමිය දන්නෙහිද?
(ආ) (i) ගැබිණි මව්වරුන් සඳහා ක්‍රියාත්මක “පෝෂණ මල්ල” ව්‍යාපෘතිය සමූපකාරය මෙන්ම, වෙනත් ආයතන හරහා ද ක්‍රියාත්මක වන බවත්;
(ii) එම ව්‍යාපෘතිය සමූපකාරය හරහා පමණක් ක්‍රියාත්මක කළේ නම්, මීට වඩා වැඩි පිරිසකට ප්රතිලාභ ලබා දිය හැකි බවත්;
(iii) එමඟින් සමූපකාරයේ ආදායම ඉහළ නැංවිය හැකි බවත්;
එතුමිය පිළිගන්නෙහිද?
(ඇ) (i) සමූපකාරය සහ වෙනත් ආයතන හරහා ඉහත ව්‍යාපෘතිය යටතේ මේ වනවිට බෙදාහැර ඇති ආධාරවල මූල්‍ය වටිනාකම කොපමණද;
(ii) රාජ්‍ය මැදිහත්වීමක් හා විධිමත් අධීක්ෂණයක් යටතේ පවතින සමූපකාර ව්‍යාපාරය හරහා විශාල පිරිසකට ප්රතිලාභ ලැබෙන පරිදි පෝෂණ මල්ල ලබාදීමේ වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබියදී, වෙනත් පෞද්ගලික ආයතන හරහා එය ක්‍රියාත්මක කරන්නේ මන්ද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-09-08
අසන ලද්දේ
ගරු ප්‍රසන්න රණවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කාන්තා හා ළමා කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks