පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ප්‍රසන්න රණවීර මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 මැයි මස කොළොන්නාව, කැලණිය, කඩුවෙල, හංවැල්ල සහ බියගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට බරපතල ලෙස බලපෑ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් පුද්ගලයන්ට රජය විසින් ලබාදීමට පොරොන්දු වූ රු.10,000/-ක දීමනාව මේ වනවිට ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒ සඳහා මේ වනවිට වැයකර ඇති මුදල කොපමණද;
(iii) ආධාර ලබාදීම සඳහා යොදාගනු ලබන නිර්ණායක කවරේද;
(iv) ආධාර ලැබීම සඳහා සුදුසුකම් ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(v) කුලී, බදු හෝ තාවකාලික පදනම මත නිවාසවල පදිංචිව සිටි පුද්ගලයන්හට මෙම මූල්‍ය ආධාරය ලබා දෙන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය, ජපානය වැනි රටවල්වලින් ලබා දෙන බවට ප්‍රකාශයට පත්වූ මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර මේ වනවිට මෙරටට ලැබී තිබේද;
(ii) එසේ නම්, ලැබී ඇති මූල්‍ය ආධාර ප්‍රමාණය හා ද්‍රව්‍යමය ආධාරවල වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම ආධාර ජනතාව වෙත ලබා දී තිබේද;
(iv) එසේ නම්, එම ආධාර ලැබී ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-09-09
අසන ලද්දේ
ගරු ප්‍රසන්න රණවීර මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks