පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු විමලවීර දිසානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) කොළඹ හෝ තදාසන්න ප්‍රදේශවල විවිධ සේවාවන්හි යෙදවීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළුන් පිට පළාත්වලින් කැඳවන බව එතුමා දන්නෙහිද?
(ආ) (i) එසේ කැඳවා විවිධ සේවාවන්හි යොදවන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සෙබළුන්ගෙන් යම් පිරිසකට වැටුපට අතිරේකව යැපීම් දීමනාවක් ගෙවන බවත්;
(ii) එම සේවාවන්ට හා තත්ත්වයන්ට සමානව සේවයේ යොදවනු ලබන තවත් සෙබළුන් පිරිසකට එම දීමනාව නොගෙවන බවත්;
(iii) ඒ අනුව සමාන සේවාවන් හා සමාන තත්ත්වයන් යටතේ එකී සෙබළුන් පිරිසට වෙනස් ආකාරයට සැලකීම අසාධාරණ බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) එසේ නම්, එසේ අසාධාරණයට ලක්වන සෙබළුන්ට සාධාරණ යැපීම් දීමනාවක් ලබාදීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-09-08
අසන ලද්දේ
ගරු විමලවීර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks