පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු විදුර වික්‍රමනායක මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දිවයිනේ විවිධ පළාත්වල පවත්වාගෙන යනු ලබන ‘තේ ශක්ති’ තේ කර්මාන්තශාලා සංඛ්‍යාව කොපමණද;
(ii) කර්මාන්තශාලා ආරම්භ කළ දින සිට මේ දක්වා එක් එක් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවක සංඛ්‍යාව, නිෂ්පාදනය කළ තේ කිලෝ ප්‍රමාණය සහ ලැබූ ලාභය හෝ අලාභය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) මේ වනවිට එම කර්මාන්තශාලා පාලනය කිරීමේ ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) රයිගම් කෝරළයේ, ‘තේ ශක්ති’ තේ කර්මාන්ත ශාලාවේ වත්මන් පාලනය භාර ආයතනය කවරේද;
(ii) එහි සේවය අහිමි වූ සේවකයන්ට ලබාදුන් සහන කවරේද;
(iii) එම කර්මාන්ත ශාලාව සතු යන්ත්‍රෝපකරණවලින් උපරිම නිෂ්පාදනයක් ලබා නොගැනීමට හේතුව කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-10-07
අසන ලද්දේ
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks