බලන්න

E   |     |  

 දිනය: 2016-11-23   පිළිතුර ලබා දී ඇත 

0948/ 2016 - ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 948/’16

      ගරු එස්. සී. මුතුකුමාරණ මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීමෙන් පසු තලාව, තඹුත්තේගම, ගල්නෑව හා ඉපලෝගම යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල සුසාන භූමි සඳහා වෙන් වූ භූමි භාගයන් ක්‍රමයෙන් අඩු වූ බවත්;

      (ii) ඊට පිළියමක් ලෙස එම ප්‍රදේශ වෙනුවෙන් ආදාහනාගාරයක් ඉදිකර දෙන ලෙස ජනතාව ඔබ අමාත්‍යාංශයෙන් දීර්ඝ කාලයක් ඉල්ලීම් කළ බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ඉහත සඳහන් ඉල්ලීම ඉටුකිරීම සඳහා, 2014 වර්ෂය සඳහා කලාවැව ආසනයේ සංවර්ධනය සඳහා වෙන්වූ ප්‍රතිපාදනවලින්, එප්පාවල සුසාන භූමියේ ආදාහනාගාරයක් ඉදිකිරීම ආරම්භ කළ දිනය කවරේද;

      (ii) ආදාහනාගාරය ඉදිකිරීම සඳහා  වෙන් කරන ලද මුදල කොපමණද;

      (iii) එහි ඉදිකිරීම් අතරමග නතර කර ඇත්තේ මන්ද;

      (iv) එහි ඉදිකිරීම් සම්පූර්ණ කර ජනතා අයිතියට පත් කරන දිනය කවදාද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-11-23

අසන ලද්දේ

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

එප්පාවල සුසාන භූමියේ ආදාහනාගාරය : ඉදිකිරීම්

පිළිතුරු දුන් දිනය

2017-03-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks