E   |     |  

 දිනය: 2017-03-21   පිළිතුර ලබා දී ඇත 

1011/ 2017 - ගරු බිමල් රත්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1011/’16

      ගරු බිමල් රත්නායක මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       මේ වනවිට දිවයිනේ සියළුම ප්‍රදේශවල පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා පුද්ගලික වෑන් රථ සහ ත්‍රිරෝද රථ විශාල වශයෙන් යොදා ගන්නා බවත්;

                  (ii)       පාසල් නිවාඩු කාලයේද  වෑන් රථ සඳහා ගාස්තු අය කරනු ලබන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) මේ වනවිට දිවයිනෙහි පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා යොදවා ඇති වාහන සංඛ්‍යාව කොපමණද;

      (ii) මෙම වෑන් රථවල ප්‍රමිතිය, රථයක තිබිය යුතු ආසන සංඛ්‍යාව සහ වෑන් රථ සඳහා පාසල් සිසුන්ගෙන් අයකරනු ලබන ගාස්තුව ආදී කරුණු සම්බන්ධයෙන් කිසියම් නියාමනයක් තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-03-21

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා යොදවා ඇති වාහන: ප්‍රමිතිය

පිළිතුරු දුන් දිනය

2017-03-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks