E   |     |  

 දිනය: 2017-01-24   පිළිතුර ලබා දී ඇත 

1013/ 2017 - ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       කොළඹ වරාය තුළ කන්ටේනර් මෙහෙයුම් සිදුකරන සමාගම් කවරේද;

                   (ii)       SAGT සමාගම හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුම අත්සන් කළ දිනය කවරේද;

                 (iii)       එම ගිවිසුම සභාගත කරන්නේද;

      (iv) CICT සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමට අත්සන් කළ දිනය කවරේද;

      (v) එම ගිවිසුම සභාගත කරන්නේද;

      (vi) කොළඹ වරායේ කන්ටේනර් මෙහෙයුම් එම පෞද්ගලික සමාගම්වලට පැවරීමට බලපෑ හේතු කවරේද;

      (vii) 1998 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, SAGT සමාගම සහ CICT සමාගම විසින් සිදුකළ කන්ටේනර් මෙහෙයුම් සංඛ්‍යාව, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන්  කොපමණද;

      (viii) සමස්ත කන්ටේනර් මෙහෙයුම්වලින්, එක් එක් සමාගම සිදුකළ මෙහෙයුම් සංඛ්‍යාවෙහි ප්‍රතිශතය, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-01-24

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා නාවික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කොළඹ වරායේ කන්ටේනර් මෙහෙයුම් සමාගම්: විස්තර

පිළිතුරු දුන් දිනය

2017-01-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අර්ජුන රණතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks