පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යුද්ධය පවතින අවස්ථාවේ ඇතිවූ අසාමාන්‍ය වටපිටාව හේතුවෙන් රාජ්‍ය සේවකයන් බොහොමයක් විදේශ රටවල රැකවරණය පැතූ බවත්;
(ii) ඔවුන්ට සහන සැලසීම සඳහා 2006.02.16 දිනැති අංක 4/2006 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත්වන අවස්ථාවේ යුද්ධය ඉතාමත් දරුණු තත්ත්වයක පැවැති බවත්;
(iii) 2013.10.31 දිනැති අංක 4/2006(1) දරන චක්රලේඛයෙන් මෙකී සහන ලබාගැනීම පිණිස අභියාචනා කිරීම සඳහා ලබාදී තිබුනේ මාස දෙකක කෙටි කාලයක් බැවින්, බොහෝ දෙනෙක් ඒ පිළිබඳව දැනුවත්ව නොසිටි බවත්;
(iv) අභියාචනා ප්‍රතික්ෂේප වූවිට ආරක්ෂක අංශයේ වාර්තා ඉල්ලා සිටින ලද බවත්;
(v) මෙම තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් බොහෝදෙනෙකුට සහන නොලැබුණු බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) වර්තමානයේ පවතින සාමකාමී වටපිටාව තුළ මාස 5ක පමණ කාලයක් ලබා දී ඒ සම්බන්ධයෙන් ප්‍රචාරය කිරීමටත්;
(ii) පීඩාවට පත් පුද්ගලයන්ගේ නියෝජනයක් සහිතව පරීක්ෂණ කමිටුවක් පත්කිරීමටත්;
(iii) ආරක්ෂක අංශයේ මැදිහත්වීම නතර කිරීමටත්;
(iv) කඩිනමින් සහන සැලසීමටත්;
පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-12-08
අසන ලද්දේ
ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks