බලන්න

E   |     |  

 දිනය: 2017-01-25   පිළිතුර ලබා දී ඇත 

1031/ 2017 - ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      යුදමය තත්ත්වය හේතුවෙන්, රාජකාරියේ යෙදී ‍සිටියදී මියගිය/ආබාධිත වූ නිලධාරින්ට වන්දි ගෙවීම සඳහා අංක 21/88 සහ 59/89 දරන චක්‍රලේඛ නිකුත් කළ බවත්; 

                  (ii)      ඉන් අනතුරුව, 2005.05.04 දිනැති අංක 22/93 (iii) දරන චක්‍රලේඛය මඟින් අවසන් වරට ලැබූ වැටුප පදනම් කරගෙන මාස 120ක වැටුප වන්දියක් ලෙස ගෙවීමට කටයුතු යෙදූ බවත්;

      (iii) එසේ වුවද, අංක 21/88 සහ 59/89 දරන චක්‍රලේඛ යටතේ (REPPIA) සහන ලැබූවන්ට, ඉහත (ii) හි සඳහන් චක්‍රලේඛයන්හි විධිවිධාන අදාළ නොවීම හේතුවෙන් පීඩාවට පත්වූ පවුල් විශාල ප්‍රමාණයකට සැළකිය යුතු සහන හිමි නොවූ බවත්;

      (iv) මේ වනවිට සහන ඉල්ලා සිටීමේදී ආරක්ෂක අංශවල ආරක්ෂක නිශ්කාෂණ වාර්තා ඉදිරිපත් කළ යුතු බවට කොන්දේසි ඉදිරිපත් කරන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) උක්ත කාරණය සම්බන්ධයෙන් අංක 21/88, 59/89, 22/93 හා 22/93 (iii) දරන චක්‍රලේඛ හා බැඳුනු නව චක්‍රලේඛයක් නිකුත් කිරීමටත්;

      (ii) නිලධාරියාට වයස අවුරුදු  55 සම්පූර්ණ වනතුරු මියගිය නිලධාරියාගේ පවුලට වැටුප සහ වන්දි මුදලක් ගෙවීමටත්;

      (iii) ආරක්ෂක අංශවලින් ලබාගත යුතු ආරක්ෂක නිශ්කාෂණ වාර්තාවලින් නිදහස් කිරීමටත්;

      පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-01-25

අසන ලද්දේ

ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

යුදමය තත්ත්වය හේතුවෙන් මිය ගිය/ආබාධිත වූ නිලධාරින්: වන්දි

පිළිතුරු දුන් දිනය

2017-01-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුසන්ත පුංචිනිලමේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks