E   |     |  

 දිනය: 2016-12-10   පිළිතුර ලබා දී ඇත 

1035/ 2016 - ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       “කුඩා හා මධ්‍ය පරිමාණ ධීවර කර්මාන්තය සඳහා නවීණ තාක්ෂණය හඳුන්වා දීම” යන වැඩසටහන යටතේ, 2016 අයවැය මඟින් වෙන් කරන ලද රුපියල් මිලියන 1,600 ක මුදල, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඔබ අමාත්‍යාංශය වෙත ලැබී තිබේද;

      (ii) එසේ නම්, එම මුදල් ඉහත ව්‍යාපෘති කටයුතු සඳහා යොදවා තිබේද;

      (iii) මුදල් යොදවා ඇති ව්‍යාපෘති කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ගම්පහ දිස්ත්‍රික්කයේ, ධීවර කර්මාන්තය ප්‍රධාන ස්ථානයක් ගන්නා මීගමුව ප්‍රදේශයේ ධීවර කාර්මිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් කවරේද; 

      (ii) එමඟින් ධීවරයන්ගේ සාමාන්‍ය මාසික ආදායම ඉහළ ගොස් තිබේද; 

      (iii) එසේනම්, ඒ කවර ආකාරයෙන්ද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-12-10

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ධීවර කර්මාන්තයේ ප්‍රගතිය : ගෙන ඇති පියවර

පිළිතුරු දුන් දිනය

2016-12-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks