E   |     |  

 දිනය: 2016-12-10   පිළිතුර ලබා දී ඇත 

1064/ 2016 - ගරු ‍කේ. කාදර් මස්තාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු කේ. කාදර් මස්තාන් මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       යාපනය හා වවුනියා ප්‍ර‍දේශවල යුද්ධයෙන් අවතැන්වූ පවුල් 700ක් දැනට වවුනියා දිස්ත්‍රික්කයේ තාණ්ඩික්කුලම් ග්‍රාම නිලධාරි වසමට අයත් තිරුනාවට්කුලම් ගමේ ජීවත්වන බවත්;

      (ii) වර්ෂ 1995/96 කාල වකවානුවේදී ඔවුන්ට ලබාදුන් ඉඩම්වල දැනට ස්ථීර නිවාස  ඉදිකර ජීවත්වන නමුත්, මේ දක්වා කිසිදු ඉඩම් ඔප්පුවක් ලබා දී නොමැති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ඔවුන්ට ඉඩම් ඔප්පු ලබාදීම සඳහා  රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

       

      (ii) මෙම ඉඩම් පිළිබඳ ගැටලු සඳහා ස්ථීර විසඳුමක් ලබා දීමට රජය විසින් ඉදිරිපත් කරනු ලබන  විසඳුම් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේනම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-12-10

අසන ලද්දේ

ගරු ‍කේ. කාදර් මස්තාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

තිරුනාවට්කුලම්හි පදිංචි අවතැන් වූ පවුල්: ඉඩම් ලබා දීම

පිළිතුරු දුන් දිනය

2016-12-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජෝන් අමරතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks