E   |     |  

 දිනය: 2017-04-06   පිළිතුර ලබා දී ඇත 

1068/ 2017 - ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1068/’16

      ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන පණිවුඩකරුවන් ඒකාබද්ධ සේවයට අයත් බවත්;

                   (ii)       පණිවුඩකරුවන් සෘජුව බඳවා ගැනීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට බලයක් නොමැති බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ආ) (i) 2016 වර්ෂයේදී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට පණිවුඩකරුවන් බඳවා ගැනීම සඳහා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය ලබා ගෙන තිබේද;

      (ii) එසේ නම්, එම අවසරය ලැබුනු දිනය කවරේද;

      (iii) එකී අවසරය ලබා දුන් ලිපියේ පිටපතක් සභාගත කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) පණිවුඩකරුවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය පැවැත්වූයේ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි  (පරිපාලන) ගේ ප්‍රධානත්වයෙන්ද;

      (ii) එසේ නම්, එකී සම්මුඛ පරීක්ෂණ පවත්වන අවස්ථාව වනවිටත් එකී නිලධාරියා වැඩ තහනමට ලක්ව සිටි බව පිළිගන්නේද;

      (iii) වැඩ තහනමට ලක්වූ නිලධාරියෙකු සේවයේ යෙදී සිටින්නේ කෙසේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-04-06

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව : පණිවුඩකරුවන් බඳවා ගැනීම

පිළිතුරු දුන් දිනය

2017-07-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක් අබේසිංහ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks