පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1076/’16
ගරු බිමල් රත්නායක මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් හපුතලේ ඉඩම්වල වසර 75කට අධික කාලයක සිට මේ දක්වා පදිංචිව සිටින ජනතාවගෙන් වාර්ෂිකව බදු අයකරන බවත්;
(ii) මෙම වාර්ෂික බද්ද 1970 දී, රු. 75/- ත් රු. 80/- ත් අතර ගණනක් වූ අතර මේ වනවිට එය රු. 10,000/- ත් රු. 25,000/- අතර ගණනක් දක්වා වැඩිකර ඇති බවත්;
(iii) එකම ඉඩමේ කොටසක පදිංචි පුද්ගලයන් සඳහා ඔප්පු මඟින් හිමිකම පවරා දී තිබියදී, එම ඉඩමේම වෙනත් කොටසක පදිංචි පුද්ගලයන්ට බදු ගෙවන මෙන් දන්වා ඇති බවත්;
(iv) බදු මුදල් නොගෙවන්නේ නම්, ඉඩම්වලින් ඉවත්වන ලෙස දන්වා ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) 1930 වර්ෂයේ සිට මේ දක්වා මෙම ඉඩම්වල පදිංචිව සිටින මෙම පිරිසගෙන් වර්තමානයේ අයකරන අධික බදු මුදල අඩු කිරීමට පියවර ගන්නේද;
(ii) මෙම ඉඩම් ඒවායේ පදිංචිකරුවන්ට පවරා දීමට අවශ්‍ය පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-07-27
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
කහල්ල වන රක්ෂිතය : මාර්ග සහ ගොඩනැඟිලි ඉඳි කිරීමේ යෝජිත සැලැස්ම
පිළිතුරු දුන් දිනය
2017-07-28
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks