පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1148/’16
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගාල්ල, කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩමේ පිහිටි මොහිදින්වත්ත නිවාස යෝජනා ක්රමයේ තිබෙන නිවාස සංඛ්‍යාව කොපමණද;
(ii) එම නිවෙස්වල දැනට පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන සිටින පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන් කවරේද;
(iii) එම නිවෙස්වල මුල් අයිතිකරුවන්ගේ නම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම නිවාස යෝජනා ක්‍රමය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරාගනු ලැබූ ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) ඉඩම පවරාගන්නා අවස්ථාවේදී ඉඩම් හිමියා/හිමියන් ලෙස හඳුනාගෙන සිටි පුද්ගලයා/ පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන් කවරේද;
(iii) එම ඉඩම රජයට පවරාගත් බවට සඳහන් ගැසට් පත්‍රයේ පිටපතක් සභාගත කරන්නේද;
(iv) ඉඩම පවරා ගැනීම වෙනුවෙන් එවකට වන්දි ප්රදානය කළේද;
(v) එසේ නම්, එම වන්දි ප්‍රමාණය කොපමණද;
(vi) වන්දි ලබාගත් පුද්ගලයන්ගේ නම් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-03-09
අසන ලද්දේ
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස හා ඉදිකිරීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
මොහිදින්වත්ත නිවාස යෝජනා ක්‍රමය : විස්තර
පිළිතුරු දුන් දිනය
2017-03-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික බණ්ඩාරනායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks