බලන්න

E   |     |  

 දිනය: 2017-07-26   පිළිතුර ලබා දී ඇත 

1154/ 2017 - ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1154/’16

      ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       මතුගම අධ්‍යාපන කලාපයට අයත් බප/මතු/වලගෙදර මහා විද්‍යාලය 2012 වර්ෂයේ ද්විතීයික පාසල් ව්‍යාපෘතියට ඇතුළත් කළද එම පාසල සඳහා ලැබී ඇත්තේ තාක්ෂණ විද්‍යාගාරයක් පමණක් බවත්;

                  (ii)       2016 වර්ෂයේදී එම පාසල “ළඟම පාසල - හොඳම පාසල” ව්‍යාපෘතියේ “සී” කාණ්ඩයට ඇතුළත් කළද, ඒ යටතේ අලුතින් කිසිඳු පංති කාමර ‍ගොඩනැගිල්ලක් ලබා නොදුන් බවත්;

      (iii) පසුගිය වසර 15 තුළම මෙම පාසල සඳහා ප්‍රමාණවත් භෞතික සම්පත් ලැබී නොමැති බවත්;

      (iv) පාසලේ සංගීතය, විද්‍යාව, ක්‍රීඩා හා ශාරීරික අභ්‍යාස සහ උපදේශනය යන විෂයයන් සහ 6 - 9 වැනි ශ්‍රේණිවලට දෙමළ විෂය ඉගැන්වීමට ගුරුවරුන් නොමැති බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ආ) (i) සිසුන් 1200 පමණ ඉගෙනුම ලබන මෙම පාසලට ප්‍රමාණවත් ගොඩනැගිලි ලබාදීමට කටයුතු නොකරන්නේ මන්ද;

      (ii) එම පාසලේ පවතින ගුරු පුරප්පාඩු පිරවීමට ගතවන කාලය කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-07-26

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මතුගම වලගෙදර මහා විද්‍යාලය: පහසුකම්

පිළිතුරු දුන් දිනය

2018-01-30

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks