පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1346/’16
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමේ දී යම් අක්‍රමිකතාවයක් සිදු වී ඇති බව කෝප් වාර්තාව මඟින් වාර්තා කොට ඇති බවත්;
(ii) එම සිද්ධිය සම්බන්ධව 2015 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් පැවැත්වූ බවත්;
(iii) එම පරීක්ෂණය සම්බන්ධ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නාගහමුල්ල යන නිලධාරියා විසින් 2015 ජූනි මස හෝ ඊට ආසන්න කාලයකදී නීතිපතිවරයාගේ උපදෙස් පතා ඉදිරිපත් කරන ලද බවත්;
(iv) එම WPI ලිපි ගොනුව නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් වෙත යොමු කරන ලද බවත්;
(v) ඉන් දින කිහිපයකට පසුව එම ලිපි ගොනුව නැවත නීතිපතිවරයා විසින් කැඳවා එම පරීක්ෂණය නවත්වා සිවිල් අංශයේ උසස් නිලධාරියෙකු වෙත භාර දෙන ලද බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එකී ලිපි ගොනුව භාර දෙන ලද නිලධාරිනියගේ නම කවරේද;
(ii) එම නිලධාරිනියගෙන් ලිපිගොනුව ඉවත් කිරීමට හේතුව කවරේද;
(iii) එකී ලිපි ගොනුව පිළිබඳ වර්තමාන ප්‍රගතිය කවරේද;
(iv) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කරන ලද එම පරීක්ෂණය සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-04-05
අසන ලද්දේ
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ
පිළිතුරු දුන් දිනය
2017-04-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks