E   |     |  

 දිනය: 2017-06-07   පිළිතුර ලබා දී ඇත 

1350/ 2017 - ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

      (අ)          (i)      ශ්‍රී ලාංකීය ශිෂ්‍යයන්ට බාහිර උපාධි පාඨමාලා හැදෑරීම සඳහා තිබූ අවස්ථා අඩු කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේද;

                   (ii)      2016 වර්ෂයේ බාහිර උපාධි පාඨමාලා සඳහා බඳවා ගැනීමට අනුමත කරනු ලැබූ ශිෂ්‍යයන් සංඛ්‍යාව ගැහැණු, පිරිමි ලෙස සහ එක් එක් උපාධි පාඨමාලාව අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) 2014, 2015 සහ 2016 වර්ෂයන්හිදී උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව සහ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගනු ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iv) 2014, 2015 සහ 2016 වර්ෂයන්හිදි ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විදේශ විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හදාරන ශිෂ්‍යයන් සංඛ්‍යාව, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (v) ඉහත (iv) සඳහන් ශිෂ්‍යයන් විසින් හදාරනු ලබන උපාධි පාඨමාලාවන් කවරේද;

      (vi) එම එක් එක් පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (vii) ඉහත (v) සහ (vi) සඳහා පිළිතුරු නොදෙන්නේ නම්, ඒ මන්ද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-06-07

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

බාහිර උපාධි පාඨමාලා සහ විදේශ විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා: ශිෂ්‍ය සංඛ්‍යාව

පිළිතුරු දුන් දිනය

2017-09-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks