පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1415/’16
ගරු බන්දුල ගුණවර්ධන මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 අයවැය යෝජනා අංක 199ට අනුව, විදේශීය සමාගම් ලැයිස්තුගත කොටස්වල ආයෝජනයෙන් ලැබෙන ලාභාංශ යනාදිය ආදායම් බද්දෙන් නිදහස් කළ බැවින්, 2016 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත සමාගම්වල විදේශ ආයෝජන ප්‍රමාණය කොපමණද;
(ii) වර්ෂ 2009 යුදගැටුම් අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළෙහි ඇති වූ උපනතීන් පිළිබඳ (සම්මත දර්ශකයන්ට අනුව) වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
(iii) 2015 සහ 2016 වර්ෂවල විදේශිකයන් ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළෙන් ඉවත් කරගත් ආයෝජන ප්‍රමාණයන් කවරේද;
(iv) ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළෙහි පුනර්ජීවනය සඳහා යෝජිත වෙනස්කම් සහ රාජ්‍ය මූල්‍ය සහ බදු සානුබලයන් කවරේද;
(v) 2016 අයවැයෙන් යෝජිත ප්‍රාග්ධන ලාභ බද්ද අනාගතයේදී කොටස් හුවමාරුවටද හඳුන්වාදීමේ අදහසක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-23
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
කොටස් වෙළඳ පොළෙහි ලැයිස්තුගත සමාගම්: විදේශ ආයෝජන
පිළිතුරු දුන් දිනය
2017-08-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු හර්ෂ ද සිල්වා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks