E   |     |  

 දිනය: 2018-04-05   පිළිතුර ලබා දී ඇත 

1426/ 2018 - ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1426/’16

      ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      2016 අයවැය යෝජනා අංක 202ට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 10 ක් ආයෝජනය කරන හෝ නව රැකියා අවස්ථා 500 ක් ජනිත කරන පසුගාමී ප්‍රදේශවල ආරම්භ කරනු ලබන ව්‍යවසායන් සඳහා සුවිශාල බදු සානුබලයන්  නිර්දේශ කරනු ලැබූ පරිදි, 2016 වර්ෂය තුළදී ආරම්භ කරන ලද ව්‍යවසායන් පිළිබඳ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;

      (ii) උක්ත යෝජනාව ඉදිරිපත් කිරීමේදී හඳුනාගත් පසුගාමී ප්‍රදේශ කවරේද;

      (iii) එකී පසුගාමී ප්‍රදේශවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා 2000 වර්ෂයේ සිට මේ දක්වා රජය මඟින් අනුගමනය කළ ක්‍රියාමාර්ග කවරේද;

      (iv) යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය නොකර, පසුගාමී                 ප්‍රදේශවලට කර්මාන්ත ව්‍යාප්ත කළ නොහැකි බව පිළිගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-04-05

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks