E   |     |  

 දිනය: 2017-09-19   පිළිතුර ලබා දී ඇත 

1467/ 2017 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1467/’16

      ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව විශාල පීඩාවකට ලක් වූ බව පිළිගන්නේද;

                  (ii)      එසේ නම්, එම ව්‍යාපෘතිය නිසා පීඩාවට පත් වූ පවුල් සංඛ්‍යාව හා අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කවරේද;

      (iii) එම ව්‍යාපෘතියෙන් පීඩාවට පත් වූ ජනතාවට වහා සහන ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී ඇති බව දන්නේද;

      (iv) එසේ නම්, එම අධිකරණ නියෝගයට අනුව, උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන ලබාදීම සඳහා අමාත්‍යාංශය ගන්නා පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-09-19

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්වූවන්: සහන

පිළිතුරු දුන් දිනය

2017-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks