පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1501/’16
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ, මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, “සමීරගම ආදර්ශ ගම්මානය” පිහිටුවන ලද වර්ෂය කවරේද;
(ii) ඒ සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා ගනු ලැබූ මුළු ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iii) එහි ඉඩම්ලාභීන් වශයෙන් තෝරාගත් පවුල් සංඛ්‍යාව සහ එම ඉඩම්ලාභීන් අතරින් දැනට ස්ථිර පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන සිටින පවුල් සංඛ්‍යාව හා අනු පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) පදිංචිකරුවන් අතරින් හඳුනාගත් අනු පවුල් සඳහා ස්ථිර පදිංචියට ඉඩම් කට්ටි ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේද;
(v) ඉඩම්ලාභීන් සඳහා ස්ථිර ඔප්පු ප්‍රදානය කිරීමට පියවර ගන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-09-08
අසන ලද්දේ
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස හා ඉදිකිරීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
සමීරගම ආදර්ශ ගම්මානයේ පදිංචිකරුවන්: ඔප්පු ප්‍රදානය
පිළිතුරු දුන් දිනය
2017-09-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික බණ්ඩාරනායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks