E   |     |  

 දිනය: 2017-09-20   පිළිතුර ලබා දී ඇත 

1572/ 2017 - ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1572/’17

      ගරු සෙය්යිඩ් අලි සාහිර් මවුලානා මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      නැගෙනහිර පළාතේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ නම් සහ ශ්‍රේණි කවරේද;

                  (ii)      ඉහත (i) හි සඳහන් නම් අතරින් ස්ථිර පදනමින්, වැඩබලන පදනමින් සහ රාජකාරි ආවරණ පදනමින් සේවයේ නිරතවන කලාප අධ්‍යක්ෂවරුන්ගේ නම් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) වැඩබලන පත්වීම් ලැබීමට සුදුසුකම් ලත්, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන් සිටියදී එම පත්වීම්  රාජකාරි ආවරණ පදනමින් කණිෂ්ඨ නිලධාරීන්ට ලබාදෙන බවත්;

      (ii) ඉහත සඳහන් පත්වීම්, අංක 1928/28 සහ 2015.05.21 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පලකරන ලද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාවලට පටහැනි බවත්;

      එතුමා දන්නෙහිද?

      (ඇ) (i) මෙම අක්‍රමිකතාවය නිවැරදි කිරීමට ක්‍රියාකරන්නේද;

      (ii) එසේ නම්, ඒ කවදාද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-09-20

අසන ලද්දේ

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

නැඟෙනහිර පළාතේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පත්වීම්: අක්‍රමිකතා

පිළිතුරු දුන් දිනය

2017-09-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks