E   |     |  

 දිනය: 2017-09-08   පිළිතුර ලබා දී ඇත 

1581/ 2017 - ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1581/’17

      ගරු විදුර වික්‍රමනායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකා යුද හමුදා රෝහලේ සිවිල් කටයුතු සිදුකරනු ලබන සිවිල් සේවකයන් වශයෙන් පත්වීම් ලැබූවන් ආයතන සංග්‍රහයේ විධිවිධානවලට යටත් බව ඔවුන් වෙත ලබා දී ඇති පත්වීම් ලිපියේ සඳහන් කර ඇති බවත්;

      (ii) එසේ වුවද, සේවා අවශ්‍යතාවය මත මෙම‍ සේවකයන් දිනකට සීමා රහිත කාලයක් සේවය කරන බවත්;

      (iii) එසේ අතිරේක කාලයක් සේවය කළද ඔවුනට අතිකාල දීමනා හෝ වෙනත් දීමනාවක් නොගෙවන බවත්;

      (iv) එසේ වුවද, හමුදා කඳවුරුවල සේවය කරන සිවිල් සේවක කණ්ඩායම් සඳහා මාසයක කාලයක් තුළ පැය සියයක් නොඉක්මවන අතිකාල දීමනා ගෙවීම් කරනු ලබන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) මේ ආකාරයට එක් කණ්ඩායමකට අහිමි වී ඇති අතිකාල දීමනා ඔවුන් වෙත ද ගෙවීම සඳහා පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-09-08

අසන ලද්දේ

ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා යුද හමුදා රෝහලේ සිවිල් සේවකයන්: අතිකාල දීමනා

පිළිතුරු දුන් දිනය

2017-09-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks