E   |     |  

 දිනය: 2017-09-19   පිළිතුර ලබා දී ඇත 

1590/ 2017 - ගරු බිමල් රත්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1590/’17

      ගරු බිමල් රත්නායක මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      යෝජිත කුරුණෑගල - හබරණ දුම්රිය මාර්ගයේ මුල් සැලැස්ම වෙනස් කිරීමට මෙතරම් කාලයක් ගත‍ වූයේ මන්ද;

                  (ii)      මෙම වෙනස තුළින් ගම්‍ය වන්නේ පරණ සැලැස්ම අසාර්ථක බවද;

      (iii) එසේ නම්, එය වටහා ගැනීම සඳහා මෙතරම් කාලයක් ගත වූයේ මන්ද;

      (iv) එම වෙනස තුළ නාස්ති කළ මහජන මුදල් සහ ඊට ‍ගොදුරු වූ ජනතාවට එල්ල කළ පීඩනය සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේද;

      (v) එම සැලසුම් දෙක සවිස්තර වාර්තා සහිතව වෙන වෙනම ඉදිරිපත් කරන්නේද;

      (vi) මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ මූලික අවශ්‍යතාවය කවරේද;

      (vii) මෙම දුම්රිය මාර්ගයෙන් දේපල හානිවන්නන්ට වන්දි ගෙවන්නේද;

      (viii) එසේ නම්, වන්දි ප්‍රමාණය සහ කොන්දේසි කවරේද;

      (ix) මුල් සැලස්මට අනුව දේපල අහිමිවන ජනතාවට අදාළ බිමේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු කළ නොහැකි වීම, ඉඩම්වල වාණිජ වටිනාකම අඩුවීම සහ ණය වී ඉදි කළ නව නිවාස නඩත්තුව අත්හැරීම වැනි කරුණු හේතුවෙන්, වසර 10කට ආසන්න කාලයක් දැඩි පීඩනයෙන් සිටින බව පිළිගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-09-19

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කුරුණෑගල - හබරණ දුම්රිය මාර්ගය: දේපළ හානි සඳහා වන්දි

පිළිතුරු දුන් දිනය

2017-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks