පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1591/’17
ගරු බිමල් රත්නායක මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යෝජිත කුරුණෑගල - හබරණ දුම්රිය මාර්ගයේ මුල් සැලැස්ම සකසා වසර 10කට පසු එය වෙනස් කර නව සැලැස්මක් සකස් කිරීමෙන් දේපළ අහිමි වන ජනතාවට බලවත් අසාධාරණයක් සිදු වූ බව පිළිගන්නේද;
(ii) මෙම සැලැස්ම වෙනස් කිරීමට එරෙහිව, මහජන විරෝධයක් පැන නැගී ඇති බව පිළිගන්නේද;
(iii) ඉදිකිරීම් සඳහා සහ වන්දි ලබාදීම සඳහා යෝජිත මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) මෙම මුදල් ලබාදෙන ආයතන සහ ලබාදීමේ පදනම කවරේද;
(v) මෙම දුම්රිය මාර්ගය ඉදිකළ පසු කුරුණෑගල සිට මහව හරහා හබරණ දක්වා ඇති දුම්රිය මාර්ගයේ කාර්යභාරය කවරේද;
(vi) යෝජිත දුම්රිය මාර්ගයෙන් ලැබෙන ප්‍රතිලාභ කවරේද;
(vii) හබරණට විකල්ප දුම්රිය මාර්ගයක් තිබියදී, කුරුණෑගල හරහා අධිවේගී මාර්ගයක්ද ඉදිවන තත්ත්වයක් තුළ යෝජිත දුම්රිය මාර්ගය සඳහා කරන විශාල ආයෝජනය සමඟ සැසඳීමේදී, සාපේක්ෂව ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව සෑහීමකට පත්විය හැකිද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-09-20
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
කුරුණෑගල-හබරණ නව දුම්රිය මාර්ග සැලැස්ම: විස්තර
පිළිතුරු දුන් දිනය
2017-09-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks