පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1603/’17
ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොළඹ නගරයට විදුලිය සපයන ප්‍රධාන භූගත විදුලි සැපයුම් මාර්ගයක් වසර 03ක පමණ සිට අක්‍රීයව පවතින බව දන්නේද;
(ii) එම මාර්ගයේ විදුලි සැපයුම් ධාරිතාවය කොපමණද;
(iii) එකී සැපයුම් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර ගැනීම ප්‍රමාද වීමට හේතුව කවරේද;
(iv) එකී සැපයුම් මාර්ගය අලුත්වැඩියා කිරීම ප්‍රමාද වීම පිළිබඳව වගකිවයුතු නිලධාරින් කවුරුන්ද;
(v) එම එක් එක් නිලධාරියාට එරෙහිව අමාත්‍යාංශය හෝ ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙතෙක් ගෙන ඇති විනයානුකූල පියවර වෙන් වෙන් වශයෙන් කවරේද;
(vi) කොළඹ නගරයේ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා සම්ප්‍රේෂණ පද්ධතිය යාවත්කාලීන කිරීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-07-27
අසන ලද්දේ
ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks