E   |     |  

 දිනය: 2017-08-22   පිළිතුර ලබා දී ඇත 

1607/ 2017 - ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)         (i)      ශ්‍රී ලංකාවේ විදුලිය  උත්පාදනය කිරීමේදී ද්‍රව තත්ත්වයට පත්කළ ස්වභාවික වායු (LNG) භාවිතා කිරීම සඳහා රජය විසින් තීරණයක් ගෙන තිබේද;

                  (ii)      ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදිත ස්වභාවික වායු වාණිජමය භාවිතයට ගැනීමට තවමත් හැකියාවක් නොමැති බව දන්නේද;

      (iii) එසේ නම්, විදුලි උත්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන ද්‍රව තත්ත්වයට පත් කළ ස්වභාවික වායු ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සහ ගබඩා කිරීම පිළිබඳව රජයට ඇති  වැඩපිළිවෙළ කවරේද;

      (iv) එසේ ‍නොමැති නම්, ද්‍රව ස්වභාවික වායු හඳුන්වාදෙන බව පවසමින් රජය විසින් සිදු කරනු ලබන්නේ ඩීසල් මඟින් විදුලිය නිෂ්පාදනය කරනු ලබන බලාගාර ඉදිකිරීමේ ක්‍රියාදාමයක්ද;

      (v) එවැනි අනතුරුදායක තත්ත්වයක් පවතින්නේ නම්, රජය පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර ‍නොගන්නේ මන්ද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම් ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-08-22

අසන ලද්දේ

ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

විදුලිය උත්පාදනයේදී ස්වාභාවික ද්‍රව වායු භාවිතය: විස්තර

පිළිතුරු දුන් දිනය

2017-08-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් පී. පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks