බලන්න

E   |     |  

 දිනය: 2017-11-29   පිළිතුර ලබා දී ඇත 

1650/ 2017 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1650/’17

      ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      පසුගියදා පැවැත්වූ විදුහල්පති සේවයේ III වැනි පංතියට බඳවා ගැනීමේ විභාගයෙන් සමත් වූ පිරිස අතරින් විදේශ පුහුණුව සඳහා තෝරාගත් සංඛ්‍යාව කොපමණද;

                  (ii)      විදේශ පුහුණුව සඳහා බඳවා ගත් අයගේ නම් හා ලිපිනයන් කවරේද;

      (iii) විදේශ පුහුණුව සඳහා තෝරා ගැනීමේදී අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;

      (iv) විශාල වියදමක් දරා විභාග පවත්වා, පුහුණුවක් ලබාදුන් මෙම පිරිස මෙතෙක් විධිමත් ලෙස පළාත් සභා මඟින් ස්ථානගත කර නොමැති බව දන්නේද;

      (v) මෙම ගැටලුව විසඳීමට පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-11-29

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

විදුහල්පති සේවයේ III වැනි පන්තිය සමත් වූ පිරිස:විදේශ පුහුණුව

පිළිතුරු දුන් දිනය

2018-03-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks