E   |     |  

 දිනය: 2017-09-20   පිළිතුර ලබා දී ඇත 

1706/ 2017 - ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1706/’17

      ගරු විදුර වික්‍රමනායක මහතා,— සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව වශයෙන් ඇතැම් අඩු ආදායම්ලාභීන් විසින් මාසිකව රු.1900/-ක් ලබා ගත් බවත්;

                  (ii)      වෙනත් ආදායම් මාර්ගයක් නොමැති සහ දරුවන්ගේ උදව් උපකාර නොමැති අඩු ආදායම්ලාභීන්ගේ එදිනෙදා අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා මෙම මුදල මහත් සේ උපකාරී වූ බවත්;

      (iii) තමන්ගේ වයෝවෘද්ධභාවයට රජයෙන් ලබාදෙන කෘතවේදී දීමනාවක් වශයෙන් ඔවුන් මෙය අගය කළ බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ජීවන වියදම ඉහළ යමින් පවතින මෙම වකවානුවේදී ඇතැම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එම දීමනාව ලබාදීම නවතා ඇති බවත්;

      (ii) එක් දරුවෙකු හෝ රජයේ සේවයේ යෙදී සිටින්නේ නම්, ඔහු හෝ ඇය විවාහවී වෙනත් ස්ථානයක පදිංචිවී සිටියත්, මෙම දීමනාව ඔවුන්ගේ පියාට හෝ මවට හෝ හිමිව තිබුනද, මෑතකදී එවැනි පුද්ගලයන්ටද මෙම දීමනාව ගෙවීම නවතා ඇති බවත්;

      (iii) තනිවම ජීවත්වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙම දීමනාව ලබාදීම නතර කිරීම බලවත් අසාධාරණයක් බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ඇ) උක්ත දීමනාව ගෙවීම නතර කර ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එම දීමනාව නැවත ගෙවීම සඳහා පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-09-20

අසන ලද්දේ

ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks