E   |     |  

 දිනය: 2017-09-22   පිළිතුර ලබා දී ඇත 

1708/ 2017 - ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1708/’17

      ගරු වාසුදේව නානායක්කාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ Fly Past උත්සවය හේතුවෙන් රත්මලාන ගුවන් තොටුපලේ වැඩකටයුතුවලට බාධා සිදුවන බව පිළිගන්නේද;

                  (ii)       එසේම කටුනායක ගුවන් තොටුපලේ නැගෙනහිර භාගයේ ගුවන් ‍යානා ගමන් කිරීම්වලට බාධා සිදුවන බව දන්නේද;

      (iii) මෙම උත්සවය හේතුවෙන් විදෙස් ගතවන සහ මෙරටට පැමිණෙන ගුවන් මගීන්ටද බොහෝ විට අපහසුතාවයන්ට මුහුණදීමට සිදුවන බව පිළිගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) මෙම උත්සවය සඳහා රජය විසින් වැය කර ඇති මුද‍ල කොපමණද;

      (ii) එම මුදල් සපයාගෙන ඇති ආකාරය කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-09-22

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ “Fly-Past” සැමරුම: වැය කළ මුදල

පිළිතුරු දුන් දිනය

2017-09-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රුවන් විජයවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks