E   |     |  

 දිනය: 2017-08-23   පිළිතුර ලබා දී ඇත 

1712/ 2017 - ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1712/’17

      ගරු වාසුදේව නානායක්කාර මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2017 වර්ෂයේ මේ දක්වා කින්නියා රෝහලට ඇතුළත් කරන ලද ඩෙංගු රෝගීන් සංඛ්‍යාව කවරේද;

                   (ii)       ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ අතරින් කී දෙනෙකු මියගියේද;

                  (iii)       ඩෙංගු වසංගතය හේතුවෙන් කින්නියා රෝහලේ වෛද්‍යවරුන්, කාර්යමණ්ඩලය, ඇඳන් සහ ඉඩකඩ පිළිබඳ බරපතල හිඟයක් ඇතිවී තිබේද;

      (iv) මෙම තත්ත්වය විසඳීම සඳහා ගනු ලබන පියවර කවරේද;

      (v) කින්නියා රෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රෝගීන් ත්‍රිකුණාමලය රෝහලට මාරුකිරීම සිදුවී තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-08-23

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කින්නියා රෝහලට ඇතුළත් කරන ලද ඩෙංගු රෝගීන්: විස්තර

පිළිතුරු දුන් දිනය

2017-08-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රාජිත සේනාරත්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks