E   |     |  

 දිනය: 2010-09-24   පිළිතුර ලබා දී ඇත 

0426/ 2010 - ගරු ගරු අචල ජාගොඩගේ මහතා, පා.ම.,  මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 0426/'10

      ගරු අචල ජාගොඩගේ මහතා,— රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත්, ගාල්ල දිස්ත්‍රික්කයේ, අක්මීමන පිහිටි වලහන්දූව වත්තෙන් හෙක්ටයාර 19 ක් රුපියල් මිලියන 21 කට විකුණා ඇති බව එතුමා දන්නෙහිද?

      (ආ)        (i)      මේ සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ අනුමතිය හා රජයේ තක්සේරුව ලබා ගෙන තිබේද;

      (ii) නීත්‍යානුකූල විකිණුම් කටයුතු කර නොමැති නම්, ඊට වගකිව යුත්තේ කවරෙකුද;

      (iii) ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගයන් කවරේද;

      (iv) මෙහිදී නීත්‍යානුකූලව කටයුතු කර නොමැති නම්, ගිවිසුම අවලංගු කොට එම වත්ත නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2010-09-24

අසන ලද්දේ

ගරු ගරු අචල ජාගොඩගේ මහතා, පා.ම.,  මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks