E   |     |  

 දිනය: 2017-10-17   පිළිතුර ලබා දී ඇත 

1753/ 2017 - ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1753/’17

      ගරු ලකී ජයවර්ධන මහතා,— ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව කොපමණද;     

                   (ii)       ඒවායින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරවුම්හල් සංඛ්‍යාව සහ පෞද්ගලික ආයතනයන් සතු පිරවුම්හල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ‍සතු ඉන්ධන පිරවුම්හල් පිහිටා ඇති ස්ථාන කවරේද;

      (iv) ඉහත (iii) හි සඳහන් පිරවුම්හල් දැනට පවත්වාගෙන යනු ලබන පුද්ගලයන් කවුරුන්ද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) පෞද්ගලික ආයතන සතු ඉන්ධන පිරවුම්හල් පිහිටා ඇති ස්ථාන කවරේද;

      (ii) ඒවා අයත් පුද්ගලයන් කවුරුන්ද;

      (iii) ඉන්ධන පිරවුම්හල් නියාමනය කිරීම නියමානුකූලව සිදු නොවන බව පිළිගන්නේද;

      (iv) එසේ නම්, එම ඉන්ධන පිරවුම්හල් නියාමනය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන්නේද;

      (v) එසේ නම්, ඒ කෙසේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-10-17

අසන ලද්දේ

ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඉන්ධන පිරවුම්හල්: විස්තර

පිළිතුරු දුන් දිනය

2017-10-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනෝමා ගමගේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks