පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1754/’17
ගරු ලකී ජයවර්ධන මහතා,— සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උඩුනුවර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පිහිටා ඇති ගඩලාදෙණිය, ලංකාතිලක සහ ඇම්බැක්ක යන සිද්ධස්ථාන ඉතා වැදගත් පෞරාණික ලෝක ප්‍රකට ස්ථාන බව පිළිගන්නේද;
(ii) මෙම ස්ථාන නැරඹීම සඳහා දිනපතා දේශීය හා විදේශීය සංචාරකයන් දහස් ගණනක් පැමිණෙන බව දන්නේද;
(iii) මෙම ස්ථානවල පොදු පහසුකම් නොමැති වීම හේතුවෙන් දේශීය හා විදේශීය සංචාරකයන් දැඩි අසීරුතාවයන්ට ලක්වන බව පිළිගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මෙම ස්ථානවල අඩුපාඩුව පවතින පොදු පහසුකම් ලබාදීම සඳහා ඔබ අමාත්‍යාංශය යටතේ කඩිනමින් වැඩපිළිවෙළක් සකස් කරන්නේද;
(ii) එසේනම්, ඒ කවර ආකාරයෙන්ද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-10-04
අසන ලද්දේ
ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
උඩුනුවර ලෝක ප්‍රකට පෞරාණික සිද්ධස්ථාන:පොදු පහසුකම්
පිළිතුරු දුන් දිනය
2018-03-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks