පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1775/’17
ගරු ජයන්ත සමරවීර මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2017.03.31 දිනට ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරි කොට්ඨාස සංඛ්‍යාව කොපමණද;
(ii) එම සංඛ්‍යාව, එක් එක් පළාත, දිස්ත්‍රික්කය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) 2017.03.31 දිනට රාජකාරියේ නියුතු ග්‍රාම නිලධාරින් සංඛ්‍යාව කොපමණද;
(iv) එම සංඛ්‍යාව, එක් එක් පළාත, දිස්ත්‍රික්කය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2017.03.31 දිනට පුරප්පාඩු වී ඇති ග්‍රාම නිලධාරි තනතුරු සංඛ්‍යාව කොපමණද;
(ii) එම සංඛ්‍යාව, එක් එක් පළාත, දිස්ත්‍රික්කය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ග්‍රාම නිලධාරි කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම පුරප්පාඩු පිරවීම සඳහා ග්‍රාම නිලධාරින් බඳවාගැනීමට තරඟ විභාගයක් පවත්වා තිබේද;
(iv) එසේ නම්, විභාගය පැවැත්වූ වර්ෂය සහ ඒ සඳහා පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව කොපමණද;
(v) විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත් අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණයක් පවත්වා තිබේද;
(vi) එසේ නම්, එම සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ අයදුම්කරුවන් සංඛ්‍යාව කොපමණද;
(vii) ග්‍රාම නිලධාරි තනතුරු සඳහා සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව කොපමණද;
(viii) ඔවුන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-23
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ග්‍රාම නිලධාරින් බඳවා ගැනීමේ තරග විභාගය: විස්තර
පිළිතුරු දුන් දිනය
2017-08-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වජිර අබේවර්ධන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks