E   |     |  

 දිනය: 2017-09-22   පිළිතුර ලබා දී ඇත 

1797/ 2017 - ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1797/’17

      ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       1996 වර්ෂයේදී පොලිස් උපසේවයට බඳවාගත් නිලධාරින්, 2006 වර්ෂයේදී පසුගිය රජය මඟින් ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කරනු ලැබුවේද;

                  (ii)       එසේ නම්, ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කළ නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

      (iii) එසේ ස්ථිර සේවයට අනුයුක්ත කළ නිලධාරින්ට 1996 වර්ෂය සිට නියමිත පරිදි සේවා වරප්‍රසාද හිමිවන්නේද;

      (iv) නොඑසේ නම්, එම නිලධාරින් සේවයට බඳවාගත් දිනයත්, ස්ථිර සේවයට අනුයුක්ත කළ දිනයත් අතර වර්ෂ 10ක කාලය නොසලකා හැරීමෙන් එම නිලධාරින්ට බලවත් අසාධාරණයක් වන බව පිළිගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-09-22

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කළ පොලිස් උපසේවා නිලධාරින්: සේවා වරප්‍රසාද

පිළිතුරු දුන් දිනය

2017-09-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks