E   |     |  

 දිනය: 2017-10-03   පිළිතුර ලබා දී ඇත 

1812/ 2017 - ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1812/’17

      ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය සවිකිරීම සඳහා වැයවන මුදල කොපමණද;

                  (ii)       එම ව්‍යාපෘතිය සිදුකරන සමාගම කවරේද;     

                 (iii)       එම ව්‍යාපෘතිය සඳහා ටෙන්‍ඩර් කැඳවනු ලැබුවේද;

       

      (iv) එසේ නම්, ඒ සඳහා ඉදිරිපත් වූ සමාගම් හා මිල ගණන් වෙන් වෙන් වශයෙන් කවරේද;

      (v) එම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයා ගන්නා ආකාරය කවරේද;

       (vi) එම සංඥා සවිකිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මිල ගණන් ඉදිරිපත්කර තිබුනේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      ‍(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-10-03

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය: වියදම

පිළිතුරු දුන් දිනය

2017-10-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks