පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1872/’17
ගරු බිමල් රත්නායක මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කටුබැද්ද, බණ්ඩාරනායක මාවතේ දකුණු පස පිහිටි ජලාශය වටා ඇවිදින මංතීරුවක් ඉදිකරමින් තිබියදී එහි වැඩ අතරමග නවතා දැමූ බවත්;
(ii) නැවත මං තීරුවේ වැඩ අරඹා විශාල වැඩ කොටසක් නිමකර තිබියදී, එහි කොන්ත්‍රාත්කරු විසින් වැඩ නවතා 2016.09.12 දින යන්ත්‍රසූත්‍ර ද ඉවත් කරගෙන යෑමෙන් යළිත් එහි වැඩ ඇණ හිට ඇති බවත්;
(iii) මේ වනවිට එම ජලාශයට සහ ඒ අවට ප්‍රදේශයට කුණු බැහැර කිරීම සඳහා භාවිතා කිරීම හේතුවෙන් විශාල පරිසර දූෂණයක් සිදුවී මදුරු ගහනයද විශාල වශයෙන් වැඩි වී ඇති බවත්;
(iv) මංතීරුව ඉදිකිරීම නවතා දැමීම හේතුවෙන් පවිත්‍ර කළ ජලාශය හා ඇළ මාර්ගය මේ වනවිට මුළුමනින්ම වල්බිහිවී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම මංතීරුව ඉදිකිරීමට සහ අධිකව අපවිත්‍ර වී ඇති ජලාශය පවිත්‍ර කිරීමට පියවර ගන්නේද;
(ii) එසේ නම්, එහි වැඩ යළි ආරම්භ කරනු ලබන දිනය කවරේද;
(iii) මෙතෙක් සිදුකළ කටයුතු වෙනුවෙන් දැරූ වියදම වගකිවයුත්තන්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-12-09
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks